AD HERE

නාමල් කුමාර අත්අඩංගුවට නොගන්නේ ඇයි හේතුව රටට හෙළි කරනු



නාමල් කුමාර කව්ද යන්න මුළු රටම දනී. ජාත්‍යන්තර මාධ්‍යෙව්දීන් පවා නාමල් කුමාර දනී. ඒ ජනපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විරසක කිරිමට කුමන්ත්‍රණය කර මුළු රටම නොවැම්බර් 26 දින අස්ථාවර කර, ආර්ථික අතින් රටට බිලියන 1000ක් පමණ අහිමි කරන්නට මුල් වු සාපරාධි පාදඩ කුමන්ත්‍රණකරුවා වීම නිසාවෙනි.

මේ දක්වා නාමල් කුමාරගේ ජංගම දුරකථනයට අයත් මකා දමන ලදැයි කියන හ අතර, ජනපති හෝ හිටපු ආරක්ෂ ලේකම් ඝාතනය සම්බන්ධව කිසිඳු හ සාක්ෂියක් සොයා ගැනීමට  සිංගප්පුරු විශේෂ නොහැකි විය.

නාමල් කුමාර සිදුකළේ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලකට මඟ පාදවන ක්‍රියාවකි. ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ද අවමානයට ලක්වුයේ, ජනපති සිරිසේන විසින් නාමල් කුමාර කරන ලද හෙළිදරව්ව සත්‍යක් ලෙස පිළිගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා  ව්‍යවස්ථාවට ද පටහැනි අයුරින් ඉවත් කර, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීම හරහාය.

ඞ පට පරීක්ෂා කිරිමේදී ලද ආරංචි මාර්ග පවසන ආකාරයට පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ සාකච්ඡාවක් පමණක් මකාදැමූ එම හඬ පට අතර තිබී ඇත.

ඒ අනුව නාමල් කුමාර සැබෑ ලෙසම ඝාතනය කිරීමට අර ඇඳ ඇත්තේ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාය. ප්‍රසන්න අල්විස් මහතා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පැමිණිල්ලක් කළ නිලධාරීන් තුන්දෙනා එක් අයෙකි.

රටක ජනපති හා ආරක්ෂ අංශ නාමල් කුමාරලා කියන බොළද කථා පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි ජනපති සිරිසේන විසින්ම තැන තැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටියා පමණක් නොව ජාතියද අමතා ප්‍රකාශ කරන ලදී.  ඒ හරහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සාධාරණ යැයි ඔප්පු කිරිමට ද මහන්සි ගන්නා ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මිනී මැරිමට තැත් කළ කුමන්ත්‍රණ කරුවෙක් බව තවමත් කුඩා ළමුන් පවා ප්‍රකාශ කරයි. ජනපති සිරිසේන යළි ජාතිය අමතා එය එසේ නොවේ යැයි කියන්නේ කවදාද?

දැන් සියල්ල සිදුවී හමාරය, නාමල් කුමාර නිදැල්ලේය... තවත් ඔක්තොම්බර් 26 අපේක්ෂා කරන්නේ නම් නාමල් කුමාර නැමැති ද්‍රෝහියා නිදැල්ලේ සිටියාට කමක් නැත. එහෙත් මෙවැනි බියගුළු පාපතරයින් නිදැල්ලේ සිටීම සමස්ත මහජනතාවගේම නිදහසට බාධාවකි.

නාමල් කුමාර අත්අඩංගුවට ගෙන සියල්ල නිවරදි කරන තුරු අපි අවධියෙන් බලාසිටින්නෙමු.