AD HERE

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු යළිත් අවලංගුයි - පොලිස්පතිගේ පළමු නියෝගය බල රහිතවේ



පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් 72කට ස්ථාන මාරු වීම් ලබාදි පැය 48ක් ඉක්ම යන්නට මත්තෙන් නැවත වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව වාර්තාවේ.
මේ අතරින් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් තම බිරින්දෑවරුන්ට නව ස්ථානමාරු මෙන්ම, තම දුවා දරුවන්ට නව පාසල් හා උපකාරක පංති පවා සොයාගෙන නව සේවා ස්ථානයන්ට වාර්තා කිරීමට සුදානමින් සිට ඇත. නමුත් ඇති වු තත්ත්වය තුළ නැවත සියල්ල වෙනස් වීම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇත.
කෙසේ වුවත් ඇතැම් ස්ථානාධිපතිවරුන් නැවත ස්ථාන මාරු අවලංගු කිරිම පිළිබඳව සතුටට පත්ව ඇති බව අනාවරණය වේ.
අදාල අවලංගු කිරීම පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වන්නේ,  මුලින් එවන ලද  ස්ථාන මාරු නියෝගය සහිත පොලිස් පණිවුඩයේ සඳහන් කර තිබුනේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කරන බවයි.
නමුත් ස්ථාන මාරු නියෝගයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස්පතිවරයා තවත් පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ස්ථාන මාරු අවලංගු කර තිබුනේ ආරක්ෂක ලේකම්ගේ සහ පොලිස් කොමිසමේ උපදෙස් පරිදි ස්ථාන මාරු අවලංගු කරන බවයි.
ඒ අනුව, මුල් ස්ථානමාරු නියෝගයේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි යැයි පොලිස්පතිවරයා සඳහන් කිරීම සහ පසුව එය ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා ලේකම්ගේ නියෝගයෙන් අවලංගු කිරීම තුළ පොලිස් කොමිෂමේ ස්වාධිනත්වය හා බලතල හෑල්ලුවට ලක්වන බව විද්‍යාමාන වේ.