AD HERE

බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි නායකයකු වහාම පත් කළ යුතුය - ජී.එච්. බුද්ධදාස


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි  ඊයේ (03) කැඳවූ මාධ්‍ය හමුවකදී ජී.එච්. බුද්ධදාස මහතා යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බවයි.

මේ වන විට ශ්‍රීලනිප නායකත්වය දරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. නායකත්වයට බණ්ඩාරනායක ප්‍රතිපත්ති අගයන පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු වහාම අවශ්‍ය බව බුද්ධදාස මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශ්‍රීලනිප වත්මන් නායකත්වය දුර්වල බව අනාවරණය කිරිමට මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.