AD HERE

කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් කළ ඉල්ලීම කලෝචිතයි


ඊයේ (03) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ බහැ දැකිමට ගල්කිස්ස ධර්මපාලාරාමයට ගිය අවස්ථාවේ කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විශේෂ ඉල්ලිමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලදී.
ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක් පිහිටවිය යුතු බව එම විශේෂ ඉල්ලීමයි. මහා නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම ඉතාමත් කාලෝචිතය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, රට පාලනය කරන පිරිස බුද්ධිමත් දුරදිග පෙනෙන පිරිසක් විය යුතු බවත්, ගෙවුනු කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ඉවසිලිවන්තව කටයුතු කිරීම පිළිබඳව තමන් වහන්සේ සුවිශේෂී ප්‍රසංශාවක් පළ කළ බවය.