AD HERE

ඉදිරියේදී ගෑස් මිල ඉහළ දමන බව සමාගම් පාරිභෝගික අධිකාරියට කියයි


මේ වන විට ලෝක වෙළඳපොළේ  ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 595.5 දක්වා වැඩි වීමත්, ඩොලරයේ අගය ඉහළ යාමත් සැළකිල්ලට ගෙන මෙරට ගෑස් මිල වැඩිකිරීමට සමාගම් අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ.
මේ වන විට, කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් 1733ක මිලටය.  ගෑස් සමාගම් වසින් තවත් රුපියල් 359 කින් වැඩිකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.
යම්කිසි හෙයකින් පාරිභෝගික අධිකාරිය මිල වැඩි කිරිමට අවසර ලබා දෙන්නේ නම්,  ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2092 දක්වා (කොළඹ දිස්ත්‍රික්කය තුළ)  ඉහළ යනු ඇත.
එපමණක් නොව කොළඹින් පිට පළාත්හි ඉහත මිලට වඩා තවත් සුළු මුදලකින් ගෑස් මිල ඉහළ යන බව සමාගම් ප්‍රකාශ කරයි.