AD HERE

සරත් අමුණුගම ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවට ගියොත් මහින්දගේ විපක්ෂ නායකකම අනතුරේ


විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වන රජයේ නිල නියෝජිතයින්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇත.  

එම  ලේඛනයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතාගේ නම ද ඇතුළත් වී ඇත. ඒ අනුව ගම්‍ය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ තවමත් පාර්ශවකරුවෙකු බවය.

තත්ත්වය එසේ නම්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු වන මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය දැරීම ද සිදු කළ නොහැක ... යමෙකු මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ‍ගොස් අභියෝග  කළ හොත්  මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක ධුරය නායකධූරය නියත ලෙසම අනතුරට ලක්වන බව වාර්තාවේ.