AD HERE

බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාත් වාර්තාවක් ඉල්ලයි...


ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් දෙන්නැයි පොලිස්පතිවරයා විසින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත නියෝග කොට තිබේ.

අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ක්‍රි.ව 13 වන සියවසේදි කුරුණෑගල සිය රාජධානිය කරගත් දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ලෙස හැදින්වෙන මෙම ගොඩනැගිල්ල පසුගිය 14 වන රාත්‍රියේ කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රාජ සභා මණ්ඩපයට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීම සඳහා අද එම ස්ථානයට පැමිණ‍ියහ.

මේ අතර රාජසභා මණ්ඩපය කඩාදැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.