AD HERE

පවුල් කඩන 'ගැහැණු ගිලින' දේවගැති රජින්ද්‍ර ගැන හෙළිදරව්වක්



රජින්ද්‍ර අමරසේකර නම් වන දේවගැතිවරයෙකු සිය දේවස්ථානයට පැමිණෙන තරුණියන්ව ඩැහැ ගන්නා පුවතක්  සමාජ මාධ්‍යජාලවල මේවන විට සංසරණය ‍වමින් පවතිනවා.

දෙහිවල ප්‍රදේශයේ ස්ථානයකට ගෙන්වා ගන්නා  වයස අවුරුදු 17ත් 18ත් අතර කාන්තාවන්ව භාවනාවකට යොමු කරන ඔහු එම කාන්තාවන්ගේ ගැටළු එහිදී තේරුම් ගන්නා බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

පසුව ඔවුන්ට උපකාර කිරීමට පෙළඹෙන මෙම දේවගැතිවරයෙකු බව පවසා ගන්නා පුද්ගලයා එම කාන්තාවන්ව Bayleaf  පාරේ  පිහිටි Bayleaf නම් සමාජ ශාලාවක  මත්පැන් පානය කරන ස්ථානයකට රැගෙන යාම ප්‍රසිද්ධ කරුණක් බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

එහිදී  වයින් වර්ගවලින් සංග්‍රහ කරන මෙම පුද්ගලයා එම කාන්තාවන් සමග සමීප ඇසුරක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර ඔවුන්ගේ පවුල් විනාශ කිරීම එහි එක් අරමුණක් ද වනවා.

මේ සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට කරුණු දක්වා ඇති ජෙනී පෙරේරා නම් වන future peace රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිනිය සඳහන් කර ඇත්තේ මෙම දේවගැතිවරයා මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවයි.

මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් බොහෝ ස්වාමිපුරුෂයන් චෝදනා එල්ල කරන අතර 'පවුල් විනාශ කරන්නා ' ලෙසයි ඔහුව හඳුන්වා දෙන්නේ.

ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බිරිඳ ද දැඩි අපහසුතාවට පත්ව සිටින අතර born again ආගමටද ඔහු නිග්‍රහයක් බවයි  සඳහන් කරන්නේ.

මෙම දේවගැතිවරයා සම්බන්ධයෙර්න් තවත් තොරතුරු රැසක් අනාවරණය කිරීමට නියමිත බවද එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.